මුද්‍රණය
ප්‍රවර්ගය: සේවා සං‍යුතිය
1695views
  1. 01. වැන්දඹු අනත්දරු වි.වැ ලබා ගැනීම සඳහා විශ්‍රාමිකයන් විසින් සැපයිය යුතු තොරතුරු

    PD4 ආකෘති පත්‍රය
    වැන්දඹු/ වැන්දඹු පුරුෂයාගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
    පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
    වැන්දඹුවගේ තනි පුද්ගල බැංකු ගිණුමක ඡායා පිටපතක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
    මරණ සහතිකය (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
    විවාහ සහතිකය (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
    නමේ වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)


  2. 02. දුම්රිය නිදහස් බලපත්‍ර ලබාගැනීමට සැපයිය යුතු තොරතුරු

    ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද PD7 ආකෘති පත්‍රය මඟින් ඔන්ලයින් ක්‍රමය (Online) හරහා ලියාපදිංචි විය යුතුය. පොදු 247 ආකෘති පත්‍රය මඟින් ගමන් වාරයට අදාල දුම්රිය බලපත්‍ර ඉල්ලීම් කළ යුතුය.
    යැපීම් දීමනා ලබන්නන්හට හා අනත්දරුවන්ගේ භාරකරුවන් හට ද දුම්රිය බලපත්‍ර නිකුත් නොකෙරේ.
    දෙදෙනාම විශ්‍රාමිකයන් නම් එක් අයෙකු පමණක් ලියාපදිංචි විය යුතු අතර දෙදෙනාගෙන් එක් අයෙකුට හිමි ඉහළම පන්තිය පවුලේ සාමාජියන් සියළුදෙනාට හිමි වේ.
    වර්ෂයකට කට්ටල දෙකක් හෝ තනි ගමන්වාර හතරක් හිමි වේ.
    වයස් සීමාවක් නොමැත. අවිවාහක රැකියා විරහිත දරුවන්ට ලබා ගත හැක. අවිවාහක බව හා රැකියා විරහිත බව ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
    අවිවාහක නම් යැපෙන දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට හිමිය. දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ ආදායම් තත්ත්වය ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.